CategoriesCAP CEYLON

රස ගුණ වැඩි කටු අනෝදා

රස ගුණ වැඩි කටු අනෝදා කටු අනෝදා කියන්නේ සුවිශේෂී පළතුරක්. මේ පළතුර සදහා අද වෙළඳ පළේ තිබෙන්නේ ඉතාමත් දැඩි ඉල්ලුමක්. ඊට හේතුව තමයි එහි ඇති අපූරු ඖෂධීය ගුණය. විශේෂයෙන්ම විදෙස් වෙළඳ පළ තුළ ශ්‍රී ලාංකේය කටු අනෝදා වලට තිබෙන්නේ දැඩි ඉල්ලුමක් . ගුයබානෝ යන නාමය නුහුරු නුපුරුදු නාමයකි. අනෝදා ශාඛයේ විද්‍යාත්මක නාමය ලෙස ගුයබානෝ නමින් හඳුන්වයි.

අනෝදා යනු ඖෂධයකි. ශ්‍රී ලංකාවේ කටු අනෝදා ශාකය අනෙකුත් රටවල මෙන් ආර්ථික බෝගයක් ලෙස වගා නොකෙරේ. එසේම ශ්‍රී ලාංකිකයන් මෙහි ඇති සුවිශේෂි ගුණාංග පිළිබදවද නොදැනුවත්ය. වර්ථමානයේ වාර්තාවන ඉතා පුදුමාකාර සොයාගැනීම වන්නේ කටු අනෝදාවල පිළිකා නැසීමේ ගුණය ඒ සදහා භාවිතා කරන රසායනික ඖෂධවලට වඩා 10000 ගුණයකින් ප්‍රභල වන බවයි. පිළිකා මර්ධනයේදී අතුරු ආබාධවලින් තොර නිරෝගී ෙසෙල විනාශ නොකරන වටිනා ඖෂධයක් බව සොයාගෙන ඇත.ඒ එහි අඩංගු annonacin නිසාවෙන්. මෙම පිළිකා නැසීමේ ගුණයට අමතරව ආන්ත්‍රික පණුවන්ට හා ක්ෂුද්‍රජීවී ආසාදන බොහෝමයක් සදහා ප්‍රතිරෝධී ඖෂධයක් ලෙස ද ක්‍රියා කෙරේ. එසේම මානසික ආතතිය හා ස්නායු දුර්වලතා වලට මනා ප්‍රතිකාරකයක් ලෙස සදහන් වේ. විද්‍යානුකූල අධ්‍යනයන්ට අනුව කටු අනෝදා සාරය – පිළිකා #cancer මර්ධනයේදී බර අඩුවීමෙන් හා කෙස් වැටීමේ ආභාධවලින් තොර ඖෂධයකි – මාරාන්තික ආසාදන වලක්වමින් ප්‍රතිශක්ති පද්ධතිය ආරක්ෂා කරයි – ශරීර ශක්තිය වර්ධනය කරන ශක්ති ජනකයකි – දරු ප්‍රසූතියෙන් පසු මවගේ කිරි වල ගුණාත්මය වැඩි කරවයි – පාචනය හා උණ වලක්වන ප්‍රතිකාරකයකි රසයෙන් ගුනයෙන් පරිපූර්න කටු අනෝදා ආශ්‍රිතව නිශ්පාදන රැසක් මේ වන විටත් “made in Sri Lanka” සන්නාමය යටතේ විදේශ විනිමය ලංකාවට රැගෙන එමින් පවතී.ඉතා සිත්ගන්නා සුළු ඇසුරුමක බහා ඒවා අමෙරිකාව,මෙක්සිකෝව,නෙදර්ලන්තය,හොංකොං, සිංගප්පූරුව යන රටවලට මේ වන විටත් පියාසර කරමින් පවතී. මේ සියල්ලෙහි නිර්මාතෘවරයා #Ranjan #Hanchapola මහතාය.ඉතා තරුණ වයවසායකයෙකු වන ඔහු ඉතාමත් දක්ෂ ලෙස මේ වන විටත් අනෝදා සාරය ආශ්‍රිතව කටු අනෝදා පානය කටු අනෝදා තේ සාරය කටු අනෝදා චිප්ස් ආදී වශයෙන් නොයෙක් නිශ්පාදනය වෙළෙඳ පලට ඉදිරිපත් කරමින් සිටී.ශ්‍රී ලංකාව තුළ ඉතාමත් පහසුවෙන් වගා කළ හැකි මෙම පළතුර මෙතෙක් කල් වඩා අවදානයක් ලබා නොගත් පළතුරකි.එහෙත් #Ranjan #Hanchapola මහතා විසින් ඔහුගේම සංකල්පය අනුව ඔහුගේම තාක්ෂණය උපයෝගී කර ගනිමින් මේ නිශ්පාදනය සිදු කරයි.නමුත් මේ වන විටත් මේ නිශ්පාදන සිදු කිරීමට අවශ්‍ය තරම් කටු අනෝදා සොයා ගැනීමට නොහැකි වීම හේතුවෙන් ඔහු අනෝදා වගාව ව්‍යාප්ත කිරීමටද දැඩි පරිශ්‍රමයක නියැලෙමින් සිටී. සැබෑවටම ශ්‍රි ලංකා නාමය ලෝකයට ගෙන යන නිශ්පාදන මෙය නොවේද.ආඩම්බරයෙන් අපේ පොලොවේ වැවෙන අනෝදා නොයෙක් හැඩැති ඇසුරුම් වල ඉතාමත් ආකර්ෂණීය ආකාරයෙන් ලෝකය වටා පියාසර කළ යුතුම නොවේද. දිනෙන් දිනම සාර්ථක වී ලෝකය පුරා ඔබේ නාමය සමග #madeinsrilanka නාමය ඉහලින්ම ඔසවා තැබීමට ඔහුට සහය වෙමු..

කුඩා කාලයේ ඉදන්ම අපි හොදින්ම දන්නා පළතුරක් තමා කටු අනෝදා කියල කියන්නෙ. කාලයත් එක්ක එම ශාකය වගා බිමෙන් කෙමෙන් කෙමෙන් ඉවතට ගියත් නැවතත් ඔබට එය වගා කළ යුතුයැයි සිතන්නට මෙය අනිවාර්යයෙන්ම හේතු වෙනවා නොඅනුමානය. ඒත් එක්කම අලුත් නිෂ්පාදන තුලින් #madeinsrilanka කියන concept එක අර්ථගන්වන්න ඉන්න ඔබටත් මෙය ඉතා වැදගත්ය. ඔහු නමින් #Ranjan #Hanchapola. ඔහු විසින් මේ වනවිට ඉතා සිත්ගන්නා සුළු ඇසුරුම්වල බහා විවිධාකාර වූ කටු අනෝදා ආශ්‍රිත නිෂ්පාදන #capceylon #caporganic අමෙරිකාව,මෙක්සිකෝව,නෙදර්ලන්තය,හොංකොං, සිංගප්පූරුව යනාදී රටවල් වල වෙළඳපොළවල් කරා යවමින් පවතී. ඒ සදහා ඉහළ ඉල්ලුමක් මේ වන විට එම වෙළඳපලවල් වල නිර්මාණය වෙමින්ද පවතී. තරුණ වයවසායකයෙකු වන ඔහු ඉතාමත් දක්ෂ ලෙස මේ වන විටත් අනෝදා සාරය ආශ්‍රිතව කටු අනෝදා පානය කටු අනෝදා තේ සාරය කටු අනෝදා චිප්ස් ආදී වශයෙන් නොයෙක් නිශ්පාදනය වෙළෙඳ පලට ඉදිරිපත් කරමින් සිටී. ශ්‍රී ලංකාව තුළ ඉතාමත් පහසුවෙන් වගා කළ හැකි හැකි පළතුරක් වුවත් මෙතෙක් කල් වඩා අවධානයක් ලබා නොගත් පළතුරකි.එහෙත් මෙතුමන් විසින් ඔහුගේම සංකල්පය අනුව ඔහුගේම තාක්ෂණය උපයෝගී කර ගනිමින් මේ නිෂ්පාදනය සිදු කරයි. නමුත් මේ වන විටත් මේ නිෂ්පාදන සිදු කිරීමට අවශ්‍ය තරම් කටු අනෝදා සොයා ගැනීමට නොහැකි වීම හේතුවෙන් ඔහු අනෝදා වගාව ව්‍යාප්ත කිරීමටද දැඩි පරිශ්‍රමයක නියැලෙමින් සිටී. ඉතින් ඔහුගේ එම පරිශ්‍රමයට සහය වෙමින්, කටු අනෝදා වගාවෙහි නැවත යෙදීම සදහා සිත් යොමුකරන ලෙස ඉල්ලනවා මෙන්ම එවැනි නිෂ්පාදන වලින්ද ජාත්‍යන්තරය ජයගත හැකි ආකාරය පිළිබඳද සිතා බලන ලෙස අප ඉල්ලා සිටිනවා.

Reference: https://www.facebook.com/106021871094821/posts/123380689358939/

#soursop
#graviola
#caporganicsl
#capceylon
#soursop #srilanka #ranjanhanchapola #organicfruit #madeinsrilanka #graviola #graviola_comfort #beverage #ලංකාවේජාතිකපානය #අනෝදා #ලංකාභිමානය #சோர்சோப் #قشطة شائكة
www.caporganic.com

CategoriesCAP CEYLON

කටු අනෝදා වගාවෙන් කටුනොකා ජීවිතේ ජයගන්න.

දේශීය ජනතාවගේ කෘෂි ආර්ථිකය නඟාසිටුවීම සඳහා cap organic ආයතනය ක්‍රියාවට නංවනු ලබන ව්‍යාපෘතින් අතර අනෝදා(කටුආතා) මිලට ගැනීමේ වැඩසටහන සඳහා හිමිවන්නේ ප්‍රමුඛ ස්ථානයකි.මෙම වැඩපිළිවෙල යටතේ එම ආයතනය විසින් ඕනෑම ප්‍රදේශයක අනෝදා මිළට ගැනීම සිදුකරනු ලැබේ.
මෙහිදී ඔවුන් විසින් මිළදී ගැනීමේ ප්‍රමුඛ ක්‍රමවේදයන් දෙකක් ඔබ වෙත හඳුන්වාදෙනු ලබයි.ඉන් පළමු ක්‍රමවේදය වසර පුරා ස්ථාවර මිලක් යටතේ ඵලදාව මිළට ගැනීමයි.දෙවන ක්‍රමවේදය එදිනෙදා වෙළෙඳපොලෙහි පවතින මිළ අනුව අනෝදා මිළට ගැනීමයි.

01. වසර පුරාවට ස්ථාවර මිළක් යටතේ මිළට ගැනීමේ ක්‍රමවේදය.

අනෝදා පළතුරු වසරේ විවිධ කාලසීමාවන් තුළ මිළ ඉහළ පහළ යමින් අළෙවි වන බව ඔබ හොඳින් දන්නා කාරණයකි.අතැම් අවස්තාවන්හිදී අනෝදා විකුණාගැනීමට නොහැකි තත්ත්වයට මිළ පහළ වැටෙන අතර ඇතැම් වකවානුවලදී ඉහළ මිළක් ගනී.
මෙම කරුණ පිළිබඳ සැලකිල්ලට ගනිමින් අප විසින් වසර පුරා ස්ථාවර මිලක් යටතේ අනෝදා මිලට ගැනීමේ ක්‍රමවේදයක් හඳුන්වාදෙනු ලැබේ.මේ ක්‍රමවේදය යටතේ ඔබ සහ ඔවුන් අතර නීතිමය කොන්දේසි ඇතුළත් ගිවිසුමකට එකඟතාව පළ කරන අතර මෙම වසර සඳහා එම ආයතනය විසින් කිලෝග්‍රෑම් එකක් සඳහා ස්ථාවර මිලක් නියම කරනු ලබයි.මෙම මිළ යටතේ ඔවුන් විසින් වසර පුරා අස්වනු ලබාගනු ලබන අතර ඔබ විසින් ප්‍රදේශයේ නිල ඒජන්තවරයා වෙත එම අස්වැන්න ලබාදිය යුතුය.

02. පවතින මිළ අනුව අස්වනු මිළට ගැනීමේ ක්‍රමවේදය.

මෙම ක්‍රමය යටතේ එදිනෙදා ඒ ඒ ප්‍රදේශ අනුව පවතින මිළ අනුව අස්වනු මිළදී ගැනීම සිදුවේ.ඔබ විසින් අස්වනු ප්‍රමාණය දළ වශයෙන් ප්‍රකාශ කිරීමෙන් අනතුරුව ඔවුන් විසින් මිළදී ගැනීමේ නියෝජිතවරයකු ඔබට සම්බන්ධ කරනු ලැබේ.මෙම ක්‍රමවේදය අනුව ඒ ඒ ප්‍රදේශවල සහ රටේ පවතින මිළ අනුව කටයුතු සිදුකරනු ලැබේ.

අමතර ප්‍රතිලාභ

01. අනෝදා වගාව පිළිබඳ ප්‍රමුඛ මෙන්ම අත්දැකීම් පරිපූර්ණ කණ්ඩායමකින් සැදුම්ලත් CAP ORGANIC SL සමාගම මඟින් වගාව සඳහා අවශ්‍ය ප්‍රමිතිගත ,යාවත්කාලීන දැනුව නොමිලේ ඔබ වෙනුවෙන් සපයනු ලැබේ.මෙම දැනුම සහ වගා ක්‍රමවේදය පිළිබඳ දැනුම්වත් කිරීමේදී ගිවිසුම්ගතව කටයුතු කරන වගාහිමියන් සඳහා සහ සැපයුම්කරුවන් සඳහා ඔවුන් ප්‍රමුඛත්වය ලබාදෙනු ලබයි.

02. වසර පුරා මිළදී ගැනීම.
එම විසින් නිශ්පාදන කරන සහ අපනයනය කරනු ලබන නිශ්පාදන සඳහ විශාල වශයෙන් අනෝදා අවශ්‍ය වේ.එබැවින් වසර පුරා අප විසින් ඔබේ අස්වැන්න මිළට ගැනීම සාධාරණ සහ විනිවිද ක්‍රමවේදයක් යටතේ විශ්වාසනීයත්වයෙන් සිදුකරනු ලැබේ.

  • ප්‍රමිතිකරණ ක්‍රමවේදය
    • ඉහත සඳහන් ක්‍රමවේදය යටතේ මිළට ගන්නා අනෝදා පළතුරු ගෙඩියක අවම බර ප්‍රමාණය ග්‍රෑම් 500 ට වඩා වැඩිවිය යුතු අතර එම බරට අඩු පළතුරු එම සමාගම විසින් මිළට ගනු ලබන්නේ කොන්දේසි සහිත මිළ ක්‍රමවේදයකට අනුවය.
  • මුදල් ගණු දෙණු ස්වභාවය.
    • ආයතනය විසින් සිදුකරනු ලබන සියලු මිළදීගැනීම් අත්පිට මුදලට පමණක් සිදුවන අතර භාණ්ඩ පරීක්ෂාකොට සහතික කළ ක්ෂණයෙන් මුදල් ඔබ අතට ලැබීමට සැලසුම්කොට තිබේ.
  • ඒජන්තවරයකු ලෙස ලියාපදිංචි වීම.
    • ඒ ඒ ප්‍රදේශවලට අදාලව සමාගම විසින් ඒජන්තවරුන් පත් කිරීම සිදු කරනු ලබන අතර ඒ සඳහා ගබඩාකිරීමේ පහසුකම් තිබිය යුතුය.තමාගේ ප්‍රදේශයේ අනෝදා එකතුකොට සෘජුව සමාගම වෙත ලබාදිය හැකිය.මෙම ක්‍රමවේදය යටතේ ශ්‍රි ලංකාවේ නිශ්පාදන පෙළක් සඳහා දායක වීමට සහ ඔබේ අතමිට සරු කරගැනීමය අවස්ථාව සැලසෙනු ඇත.

#soursop
#graviola
#caporganicsl
#capceylon
#soursop #srilanka #ranjanhanchapola #organicfruit #madeinsrilanka #graviola #graviola_comfort #beverage #ලංකාවේජාතිකපානය #අනෝදා #ලංකාභිමානය #சோர்சோப் #قشطة شائكة
www.caporganic.com

CategoriesCAP CEYLON

“කටු අනෝදා රට පුරා වවන්න කට්ට කන තරුණයෙක්”

පලතුරක් ලෙස කටු අනෝදා සඳහා රට තුළ පවතින්නේ අඩු ඉල්ලූමක්ය. ආර්ථික බෝගයක් නොවන පලතුරක් ලෙස ගැනෙන කටු අනෝදා වගාව පිණිස බොහෝ දෙනෙක් යොමු නොවීමත් ඒ සඳහා රට තුළ වෙළෙඳපලක් නිර්මාණය වී නොතිබීමත් මෙම පලතුර ව්‍යාප්තිය පිණිස පවතින ප‍්‍රධාන බාධාවක් බවට පත්ව ඇත. කෙසේ වෙතත් බොහෝ දෙනකුගේ අවධානයට යොමු නොවූ රසයෙන් ගුණයෙන් අනූන මෙම පලතුරෙන් දිවි දිනූ තරුණ ව්‍යවසායකයකු මුණ ගැසීමේ අවස්ථාවක් පසුගිය දිනක උදාවිය. ඔහු නමින් රංජන් ටී. හංචාපොල.

මේ වන විට ඔහු විසින් දරන මතයක් බවට පත්ව ඇත්තේ කටු අනෝදා පානය මෙරට ජාතික පානය බවට පත් කළ යුතු බවත් එය අපහසුවෙන් තොරව කළ හැකි කාර්යයක් බවත්ය. දැනටමත් රට තුළ පල දරන කටු අනෝදා යොදා ගනිමින් රසයෙන් සහ ඉහළ ඖෂධීය ගුණයෙන් යුත් පානයන් කීපයක් වෙළෙඳපොලට හඳුන්වාදී ඇති රංචාගොඩ ඒ හරහා ජාත්‍යන්තරය පවා ජයගත් හපනෙකු බවට පත්ව ඇත.

ඔහු විසින් සිදුකරන එම හපන්කම පළමුව ඔහු වෙත පැමිණෙන්නේ අභියෝගයක් ලෙසින්ය. එයට නොබියව භාරගන්නා රංචාගොඩ කෙටි කලක් ගත වීමත් සමඟ එම අභියෝගය සාර්ථකව ජය ගත් අන්දම ආදර්ශවත්ය. එතැන් සිට මේ දක්වා ඔහු පැමිණි ගමන් මඟ පිළිබඳව පහත සඳහන් කර සිටින්නේ මෙවැනි පුද්ගලයන් වැඩි වැඩියෙන් රටට අවශ්‍ය වන බැවින්ය. දිරියෙන් දිවි දිනන්නට වෙර දරන පුද්ගලයන්ට හංචාපොල සාධකය ආදර්ශයක් කර ගැනීම පිණිසය. ඔහු හා සිදු කළ කතාබහේදී පළමුව සිය ව්‍යාපාරික ගමන් මග පිළිබඳව කෙටි හැඳින්වීමක් කළ හංචාපොල එහි ආරම්භය පිළිබඳ මතකය මෙනෙහි කරන්නට වූයේ මේ ආකාරයෙන්ය.

”මගේ විශ්වවිද්‍යාල අධ්‍යාපනයෙන් පස්සෙ ඉදිකිරීම් ක්ෂේත‍්‍රයේ ඉංජිනේරුවරයෙක් වශයෙන් මම කාලයක් රැකියාව කරනව. ඊටත් පසු කාලයක තවත් වසර කීපයක් මෙරට ක‍්‍රියාත්මක වූ එක්සත් ජාතීන්ගේ ව්‍යාපෘතියක සම්බන්ධීකාරක වරයෙක් වශයෙන් රාජකාරිය කරනව. ඔය අතරේ තමයි මට නෝර්වේජියානු රජය විසින් මෙරට ක‍්‍රියාත්මක කළ වගා ව්‍යාපෘතියකට දායකත්වය සපයන්න ලැබෙන්නේ. ඒ ව්‍යාපෘතිය හරහා සිදු කෙරුණේ ”කපු” වගා කරන එක. එතැනදි රටේ ඈත දුෂ්කර පළාත්වල ඇවිදින්න මට අවස්ථාව ලැබෙනව. ඒ ආකාරයට ඒ කටයුත්තේ නිරත වෙලා ඉන්න අතර තමයි මට වගාව පිළිබඳව සිතක් පහළ වෙන්නේ. ඒ සිතුවිල්ල බලවත්ව දැනෙන්න ගත්තට පස්සේ මම කරන්නේ උඩවලව ප‍්‍රදේශයෙන් ඉඩම් අක්කර පහක් මිලදී ගන්න එක. ඒ ඉඩමේ වගා කරන්නේ මොනවද කියන හැඟීමක් මට මුලින් තිබුණෙ නෑ. කොහොම නමුත් අක්කර දෙකහමාරක විතර අඹ වගා කරන්න මම මුලින්ම තීරණය කළා. ටික දවසක් යද්දි තේරුණා ඒක සාර්ථක වෙන්නේ නෑ කියල. ඔන්න ඔය අතරෙ තමයි කටු අනෝදා පිළිබඳව මගේ උනන්දුවක් ඇති වෙන්න ගන්නේ. අන්තර්ජාලය හරහා ඒ පිළිබඳව වැඩිදුරටත් සොයා බලද්දි තමයි මම දැක්කේ කටු අනෝදා සඳහා ලෝකයේ හොඳ ඉල්ලූමක් සහ සාර්ථක වෙළෙඳපොළක් තියෙනවා කියල. ඒ පාර තමයි ඉතුරු අක්කර දෙකක විතර කටු අනෝදා වගාව පටන් ගත්තේ. ඒ වෙද්දි මගේ අදහස් වෙලා තිබුණෙ කටු අනෝදා පිට රට යවන එක. ඒත්… ඒක හිතපු තරම් පහසු කටයුත්තක් බවට පත් වුණේ නෑ. මොකද හොඳින් පැහුණ කටු අනෝදා ගෙඩියක් දවස් දෙක යද්දි ඉදෙන්න ගන්නව. ඒ උත්සාහයත් අසාර්ථක වෙනව…..”

හංචාපොලගේ එම උත්සාහය අතරමග බිඳ වැටී යන්නේ පලතුරක් ලෙස කටු අනෝදා අපනයනය කිරීමට යෑමේ දී ඇති වූ දුෂ්කරතා රැසක් හේතුවෙන්ය. කෙසේ වෙතත් තම උත්සාහය අත්නොහරින මෙම දිරිමත් තරුණයා ඉන් අනතුරුව සිය අවධානය යොමු කරනු ලබන්නේ කටු අනෝදා ආශ‍්‍රිත ඖෂධීය පානයන් කිහිපයක් නිපදවීම පිණිසය. කෙටිකාලීන අත්හදා බැලීම් කීපයක් සහ පර්යේෂණ කිහිපයක ප‍්‍රතිඵලයක් ලෙස එවර ඔහුගේ උත්සාහය සාර්ථක ප‍්‍රතිඵල අත්පත් කරගත් එකක් බවට පත්ව ඇත. මේ වනවිට සාර්ථක ව්‍යාපාරිකයකු බවට පත්ව සිටින රංචාගොඩ ඒ සම්බන්ධයෙන් ප‍්‍රකාශ කර සිටින්නේ පහත සඳහන් කරුණුය.

”පලතුරක් ලෙස රට යවන්න බැරි වුණත් මම උත්සාහය අත්හැරියේ නැහැ. කටු අනෝදා සම්බන්ධව විවිධ සොයා බැලීම් කරන්න මම පෙළඹුණා. එතනදි තමයි මම දැක්කේ පානයක් ලෙස මේක හදන්න පුළුවන්නම් ඒ සඳහා ලෝකයෙන් හොඳ ඉල්ලූමක් තියෙනවා කියල. ඒ පාර ඒ සම්බන්ධව පරීක්ෂණ විශාල ප‍්‍රමාණයක් කරලා ඖෂධීය ගුණයෙන් ඉහළම කටු අනෝදා පානයක් හදා ගන්න මට පුළුවන් වුණා. ඊට පස්සේ මම මුහුණ දුන්න අභියෝගය තමයි මේක කල් තබා ගන්නේ කොහොමද කියන එක. මම මුලින්ම කරන්නේ ඒ සම්බන්ධව කටයුතු කරන ආයතනත් එක්ක මේ ගැන කතාබහ කරන්න එක. ඊට පස්සේ නැවත පර්යේෂණ කීපයක් සිද්ධ කළා. අපේ උත්සාහය සාර්ථකයි. ඒ පර්යේෂණ වලින් ඔප්පු වුණා මේ පානය වසරක් කල්තබා ගන්න පුළුවන් කියල. ඊට පස්සේ තමයි මම නිෂ්පාදන කටයුතු ආරම්භ කරන්නෙ…,” ඒ අනුව තම නිෂ්පාදන කටයුතු ආරම්භ කරන මෙම තරුණ ව්‍යවසායකයා කටු අනෝදා ආශ‍්‍රිත ඖෂධීය පානයන් කීපයක් වෙළෙඳපලට හඳුන්වා දෙන්නේය. ඊට අමතරව තේ වෙනුවට පානය කළ හැකි අමතර පානයක්ද කටු අනෝදා කොළ ආශ‍්‍රයෙන් නිපදවීමට සමත්වන රංචාගොඩ මේ වන විට තම නිෂ්පාදන පිණිස සාර්ථක වෙළෙඳ පොළක්ද සකසාගෙන අවසන්ය. මේ වන විට විදේශීය රටවල් කීපයක් වෙත සිය නිෂ්පාදන අලෙවි කරන ඔහු ඒ හරහා සැලකිය යුතු විදේශ විනිමයක් මෙරටට රැගෙන ඒමට සමත් වී ඇත. ඒ සම්බන්ධයෙන් අදහස් දක්වමින් ඔහු පවසා සිටින්නේ මෙරට තුළ තම නිෂ්පාදන හඳුන්වා දීමට යෑමේදී විවිධ ගැටලූවලට මුහුණ දීමට සිදු වූ බවත් විශේෂයෙන්ම යම් යම් රාජ්‍ය ආයතන වල පවතින උදාසීන බව හේතුවෙන් තම නිෂ්පාදන මෙරට තුළ ප‍්‍රචලිත කිරීමට තවමත් අවස්ථාවක් හිමි නොවූ බවත්ය.

‘‘ඇත්තටම ගත්තොත් මගේ නිෂ්පාදන පිණිස ඇමරිකාව, ඔස්ටේ‍්‍රලියාව, නෙදර්ලන්තය, හොංකොං වල හොඳ වෙළෙඳ පොළක් පවතිනවා. ඉදිරියේදී මැලේසියාව, සිංගප්පූරුව, ඩුබායි ජර්මන් ආදී රටවලට මගේ නිෂ්පාදන හඳුන්වා දෙන්න බලාපොරොත්තුවෙන් ඉන්නව. ලෝකයේ කටු අනෝදා වැවෙන වෙනත් රටවල් එක්ක ගත්තොත් අපේ රටේ කටු අනෝදා රසයෙන් මෙන්ම ගුණයෙන්ද ගොඩක් පොහොසත්. ඒ හින්දා තමයි ලෝකයේ රටවල් ගණනාවක් අපේ නිෂ්පාදන මිලට ගන්න කැමැත්තෙන් ඉන්නේ. නමුත් දැන් තියෙන ගැටලූව තමයි ඒ ඉල්ලූමට සරිලන නිෂ්පාදනයක් කරන්න තවම අපට පුළුවන්කමක් නැති වීම. මොකද බෝගයක් ලෙස කටු අනෝදා වගා කරන්න තවමත් ගොවි ජනතාව තුළ වැඩි කැමැත්තක් නැහැ. ඒ මතය වෙනස් කළ යුතුයි. මගේ මතය තමයි කටු අනෝදා අපේ ජාතික පානය බවට පත්කළ යුතුයි කියන එක. ඒක කරන්න පුළුවන්. මම දැනටමත් මගේ වගාවට අමතරව අක්කර 200 කට පමණ ආසන්න ප‍්‍රමාණයක් වගා කරන්න කටයුතු කරලා තියෙනවා. ඒ අනුව දැනටමත් අපි අම්පාරේ අක්කර 75 ඒ වගේම බදුල්ල රිදීමාලියද්ද කියන පළාතේ අක්කර 100ක් වගා කරලා තියෙනවා. ඒ දේ මට කරන්න පුළුවන් වුණේ ගොවි සංවිධාන හා ගොවියන් සමග එකතුවෙලා. මෙතනදී කෘෂිකර්ම දෙපාර්තමේන්තුවත් මට සහයෝගය දෙනව. ගොවියන්ට අවශ්‍ය උපදෙස් සහ අනෙකුත් පහසුකම් අපි විසින් ලබා දෙනවා. ඒ අයගේ ඵලදාව අප විසින් මිලදී ගන්නවා. මම විශ්වාස කරනවා ඒ ක‍්‍රමවේදය රට පුරා ව්‍යාප්ත කරන්න පුළුවන් නම් මේ කටයුත්ත වඩාත් සාර්ථකව අපට කරන්න පුළුවන් කියල. ව්‍යාපාරිකයෙක් විදියට මට විතරක් නෙමෙයි එහි ප‍්‍රතිඵලය ලැබෙන්නේ. මොකද අනෝදා අක්කරයක් වගා කරන කෙනෙකුට ලක්ෂ 8 ක වාර්ෂික ආදායමක් ලබන්න පුළුවන්. ඒ අයගෙ නිෂ්පාදන මිලදී ගන්න මම සූදානම්. කටු අනෝදා ගහේ ඵලදාව විතරක් නෙමෙයි දලූ ටික පවා මිලට ගන්න මම සූදානම්. මොකද කටු අනෝදා දලූ යොදාගෙන අපි විසින් නිෂ්පාදනය කරන පානය සඳහා දැනටමත් ඇමරිකාව ඇතුළේ විශාල ඉල්ලූමක් ඇති වෙමින් තිබෙනවා. තේ වෙනුවට කටු අනෝදා දල්ලෙන් හදන පානය පාවිච්චි කරන්න පුළුවන්. මේ කියන කාරණා ටික අරන් බලනකොට ඕනම කෙනෙකුට තේරෙනවා කටු අනෝදා කියන්නේ අපේ රටට සම්පතක්. ඒත් අපි ඒ සම්පතෙන් තවමත් හරියට වැඩක් අරගෙන නැහැ කියලා. මම මේ කියන්නේ වගකීමෙන්. ඉංජිනේරුවෙක් විදියට රාජකාරි කරපු මම ඒ රස්සාව පැත්තකින් තියලා මේ වගේ කටයුත්තකට අත ගැහුවෙ ව්‍යාපාරිකයෙක් විදිහට මට තනියම ගමනක් යන්න නෙවෙයි. මේ හරහා උපන් රටට පුරවැසියෙක් ලෙස මගෙන් ඉටු විය යුතු යුතුකම ඉටු කරන්න මම සූදානම්. රටේ ගොවි ජනතාවගෙන් මම ඉල්ලීමක් කරනවා. ඒ තමයි දැන්වත් කටු අනෝදා වගාව පිණිස යොමු වෙන්න කියලා. ඒ ආකාරයට අපට අත්වැල් බැඳගන්න පුළුවන් නම් මේ ව්‍යාපාරය හරහා ලක්ෂ සංඛ්‍යාත ගොවි ජනතාවට යහපත් හෙට දවසක් උදා කරන්න මම සූදානම් කියලත් මතක් කර සිටිනව…..”

පැතුම් සහගත මිනිසුන් නතර කළ නොහැක. කුමන අභියෝග මධ්‍යයේ වුවද ඔවුන් තම අරමුණු වෙත ළඟා වන්නේය. රන්ජන් රංචාගොඩ නම් තරුණ ව්‍යාපාරිකයා අයත් වන්නේ ඉහත සඳහන් පැතුම් සහගත මිනිස් සමූහයටය. මේ වන විට විදේශීය වෙළෙඳපොළ ජය ගැනීමට සමත්ව සිටින මෙම තරුණ ව්‍යාපාරිකයා නුදුරේදී මෙරට වෙළෙඳපළ වෙත ද තම නිෂ්පාදන හඳුන්වා දීමට දැනටමත් කටයුතු කරමින් සිටින අතර එය මෙතරම් ප‍්‍රමාදව ඇත්තේ රට තුළ ක‍්‍රියාත්මක අධික බදු අය කර ගැනීමේ ක‍්‍රමවේදයේ පවතින යම් යම් අඩුපාඩු හේතුවෙන්ය. දැනටමත් මෙරට පිහිටි සුපිරි වෙළෙඳසල් කීපයක ඔහුට අයත් නිෂ්පාදන අලෙවි වන අතර ඉදිරියේදී එය දීප ව්‍යාප්තව මිලදී ගැනීමේ ක‍්‍රමවේදයක් සැකසීම ඔහුගේ ඉදිරි අරමුණු බවට පත්ව ඇත.

#soursop #graviola #caporganicsl #capceylon  #soursop #srilanka #ranjanhanchapola #organicfruit #madeinsrilanka #graviola #graviola_comfort #beverage #ලංකාවේජාතිකපානය #අනෝදා #ලංකාභිමානය #சோர்சோப் #قشطة شائكة
www.caporganic.com

රුවන් ජයවර්ධන
දිවයින ඉරිදා සංග්‍රහය